Sat. Jun 28th, 2025

දිවි අහිමි කළ දැඩි උණුසුම

May4,2024

ආසියානු රටවල් රැසකින් මේ දිනවල වාර්තාවන්නේ උෂ්ණාධික කාලගුණයකි.

ඉන්දියාවේ ප්‍රාන්ත රැසකට ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා විය.

මේ වනවිට ඉන්දියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

උෂ්ණාධික කාලගුණයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයට ය.

ඒ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් ට දරුණු ජල හිඟයකට ද මුහුණ දීමට සිදුව තිබේ.

ප්‍රදේශයේ බහුතර ජන කොටසක් ළිං ජලය භාවිත කරන අතර ළිං සිඳී යාමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අප්‍රේල් මාසයේ නැගෙනහිර ඉන්දියාවෙන් වාර්තාවී ඇති උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙල්සියස් අංශක 28.12ක් බව සඳහන් වේ.

ඒ අනුව ගෙවුණු අප්‍රේල් මාසය වාර්තා අතරට එක් වුණේ නැගෙනහිර ඉන්දියාවෙන් 1901 වසරෙන් පසුව වාර්තා වූ වඩාත්ම උණුසුම් අප්‍රේල් මාසය ලෙසය.

ජූනි මාසය දක්වාම මෙවැනි උෂ්ණාධික කාලගුණයක් වාර්තා විය හැකි බවට ඉන්දීය කාලගුණ බලධාරීන් පුරෝකථනය කර ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *