Sat. Jun 28th, 2025

මන්නා රමේෂ් අධිකරණයට රැගෙන එයි

Jul29,2024

ඩුබායිහි දී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ් අද (29) අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.

මේ වනවිට මන්නා රමේෂ්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහුගේ රැඳවුම් කාලය අගෝස්තු 08 වනදා අවසන්වීමට නියමිතයි

ශ්‍රී ලංකා පොලීසිය කර තිබූ ඉල්ලීමට අනුව ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු මත ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මන්නා රමේෂ් මැයි 07 වනදා අලුයම දිවයිනට රැගෙන ආවා

අවිස්සාවේල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාරිකයින්ගෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් මන්නා රමේෂ්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *