ලෙබනනයේ බීරූට් ගුවන් තොටුපළේ ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
ඒ ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වෙතැයි ඇතිවූ බියක් හේතුවෙන්.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඊශ්‍රායලයේ ගෝලාන් කඳුකර කලාපයට එල්ල කළ රොකට් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් ඇතිවීමේ බියක් මතුව තිබෙනවා.
මේ හේතුවෙන් බේරූට් ගුවන්තොටුපලේ ගුවන් ගමන් අවලංගු කිරීමට හා ඇතැම් ගමන් ප්‍රමාද කිරීමට පියවර ගෙන තිබෙනවා.
ලුෆ්තන්සා/ ස්විස් එයාර් හා යුරෝවින්ග්ස් ගුවන් සමාගම් මෙලෙස ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.
මේ අතර මෙම ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ එරට රජයට බලය ලබා දුන්නා.
කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම භාරගැනීම හිස්බුල්ලා සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.