Sat. Jun 28th, 2025

හිටපු පොලිස් නිලධාරිනිය කුඩු සමග දැලේ

May4,2024

කොස්ගොඩ තාරක නමැති පාතාල සාමාජිකයා සමග ළඟින් සබඳතා පැවැත්වූ සේවය අතහැර ගිය පොලිස් කාන්තාවක සහ පිටස්තර කාන්තාවක මත්කුඩු සමග දෙහිවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන දැන් ප්‍රශ්න කරගෙන යයි.

පොලිස් පරීක්ෂණ අනුව හෙළි වූ තොරතුරු අනුව මෙම හිටපු පොලිස් කාන්තාව ළඟ මත්කුඩු මිලිග්‍රෑම්ස් 5,200ක් තිබී ඇත. ඇය සමග සිටි පිටස්තර කාන්තාව ළඟ කුඩු ග්‍රෑම් 13ක් තිබී ඇත.

මෙම හිටපු පොලිස් කාන්තාව පිටස්තර කාන්තාව හඳුනාගෙන ඇත්තේ රාත්‍රී සමාජශාලාවක් තුළදීය. එම පිටස්තර කාන්තාව කොස්ගොඩ තාරකගේ අනියම් බිරිඳ බව කියති. පොලිස් කාන්තාව 2018 වසරේ පොලිස් සේවයට එකතු වී මුලින්ම කැලණිය පොලිසියේ සේවය කර තිබේ.

ඇය එහි කලින් සේවය කර සේවය අත්හැර ගොස් ඇති බව දෙහිවල පොලිසිය කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *