Sun. Jun 29th, 2025

අනාගත පරපුරට දැකගන්න කහවිල්ගොඩ විහාරයේ සිතුවම් සංරක්ෂණය කරයි

Jul29,2024

මාතර, කහවිල්ගොඩ විහාරයේ සංරක්ෂණය කරන ලද මහනුවර යුගයේ සිතුවම් මහජනතාවට නැරඹීම සදහා විවෘත කිරීම පසුගිය (27) සිදු කෙරුණා.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදේශකත්වය පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අමාත්‍යාංශ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්

මෙහි සංරක්ෂණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාතර ව්‍යාපෘතිය මඟින් සිදු කර තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය චන්දිම බෝගහවත්ත මහතා, පුරාවිද්‍යා නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *