8 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ආයෝජන හා සහයෝගිතා වටිනාකම චීන යුආන් බිලියන 10 ඉක්මවා තිබෙනවා.
දින හයක් පුරා පැවති 8 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඊයේ (28) චීනයේ යුන්නාන් පළාතේ කුන්මිං නගරයේදී අවසන් වුණා.
එම ප්‍රදර්ශනයේ විධායක කමිටුව මාධ්‍ය හමුවක් පවත්වමින් කියාසිටියේ, මෙවර ප්‍රදර්ශනයේ දී ලබා ගත් ආයෝජන හා සහයෝගිතා වටිනාකම යුආන් බිලියන 10ක ඉක්මවන බවයි.
එමෙන්ම මාර්ගගත හා මාර්ගගත නොවන අලෙවිය චීන යුආන් මිලියන 500කට වැඩි බව ද වාර්තා වනවා.
ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය යන රටවල තේ හා බුමුතුරුණු යන භාණ්ඩ පාරිභෝගිකයන්ගේ ඉහළ ආකර්ෂණය දිනා ගත් බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පසුගිය 27 වනදා දක්වා දකුණු ආසියානු ප්‍රදර්ශන ශාලාවේ පමණක් සිදු වූ ගනුදෙනුවල වටිනාකම චීන යුආන් මිලියන 5 ඉක්මවා තිබෙනවා.
මෙවර චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට රටවල්, කලාප හා ජගත් සංවිධාන 82ක් සහ ව්‍යවසායන් 2000කට අධික සංඛ්‍යාවක් සහභාගි වුණා.