Sat. Jun 28th, 2025

ෆොක්ස් හිල් අනතුරෙන් මියගිය අයට වන්දි

May4,2024

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ අනතුරෙන් මිය ගිය අයකුට රුපියල් මිලියනක මුදලක් හා අනතුරෙන් තුවාල වූ අයෙකුට රුපියල් ලක්ෂ 2.5ක මුදලක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇතැයි ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

ෆොක්ස් හිල් අනතුර පිළිබඳව සොයා බැලීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කළ බවද ඇමැතිවරයා පැවැසීය. එම වාර්තාව ලද වහාම ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඇමැතිවරයා පවසයි. අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *