Sat. Jun 28th, 2025

ජනාධිපතිවරණයට උතුරෙන් නම් 3ක්

Jul28,2024

උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් එක්වී ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජිත අපේක්ෂකත්වය සඳහා පළාතේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව ස‍ති අග පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මෙම නාමයෝජනා වන්නේ උතුරේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්, ප්ලොට් නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. සිද්ධාර්ථන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වන විජයකලා මහේෂ්වරන්ය.

මෙයින් සුදුසු අපේක්ෂකයන් ඉදිරි සති දෙක තුළ තෝරාගැනෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. එහෙත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් එකඟතාවක් මෙතෙක් දන්වා නැත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *