Fri. Jun 27th, 2025

රාජ්‍ය ඇමති ගෙදරටම ඇවිත් නාමල් බේබිට ගහන්න පනී – ශිරන්ති මැදට පනී

Jul27,2024 #breaking news

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා අතර උණුසුම් වචන හුවමාරැවක් සිදුව තිබේ.

කොළඹ පිහිටි නාමල් රාජපක්ෂ මහතාගේ නිවසට රාත‍්‍රි කාලයේ පැමිණ ඇති ලොහාන් රත්වත්තේ සමග සිදුවූ මෙම බහින්බස්වීම ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වීම නිවසේ සිටි පිරිසේ මැදිහත් වීමෙන් වලක්වා ඇතැයිද වාර්තා වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම වචන හුවමාරු සිදු වී තිබේ.

නිවසේ සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත්වී මෙම වචන හුවමාරුව ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය නොවීමට වගබලාගෙන ඇත.

ලොහාන් රත්වත්තේ මහතා එහිදී තදින්ම සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ පක්ෂයක් ලෙස ජනාධිපතිවරයාට සහාය දිය යුතු බවයි.

නමුත් නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා පක්‍ෂයක් ලෙස ගත හැකි ක‍්‍රියාමාර්ග පෙන්වා දුන් අවස්ථාවේ මෙම වචන හුවමාරුව සිදු වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *