Sat. Jun 28th, 2025

රටේම ආරක්ෂාව තහවුරු කරන්නැයි ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්

Jul26,2024

එළෙඹෙන ජනාධිපතිවරණය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කර ඇති බැවින්, එම කාලය තු ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ත රටේම ආරක්‍ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙලෙස උපදෙස් ලබා දී තිබුණා.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහල පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීන් මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබුණා.

එසේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා වන පරිදි මෙම සියලු කටයුතු සිදුකරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

එසේම පසුගිය වසර දෙකක ඉතාම සංකීර්ණ කාලය තුළ අමාත්‍යාංශයක් ලෙස බරපතල තීන්දු තීරණ ගැනීමට සිදුවූ බවත්, එම කාලය තුල ජාතික ආරක්‍ෂාව සහ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කරමින් රට ස්ථාවර කිරීමට හැකි වූ බව ද එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එබැවින්, ඒ සඳහා කැපවූ සියලු පාර්ශ්වයන්ට ජනාධිපතිවරයා වෙනුවෙන් ස්තූතිය පළ කර සිටි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු ආයතනවල කටයුතු නිසිපරිදි ඉදිරියේදීත් ඉටුකරන ලෙස උපදෙස් දුන්නා.

ත්‍රිවිධ හමුදාව තවදුරටත් ශක්තිමත් කිරීමට අදාළ කරුණු මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන්ද මෙම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු වුණ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *