Sat. Jun 28th, 2025

ලබන වසරේ දේශීය ඖෂධ නිෂ්පාදනය 90 % දක්වා වැඩිකර ගත හැකියි – ඇමති රමේෂ්

Jul26,2024

කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා මහාචාර්ය සේනක බිබිලේ මහතා ආරම්භ කළ දේශීය ඖෂධ නිෂ්පාදනය මේ වනවිට විශාල වර්ධනයක් ලබා කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් සිදු කරමින් පවතින බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

ලබන වසරේ දේශීය ඖෂධ නිෂ්පාදනය 90% වැඩිකර ගත හැකි බවට තමා විශ්වාස කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවති ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ – Sri Lanka Pharmaceutical Manufacturers’ Association) 61 වන සංවත්සර වැඩසටහනට එක් වෙමින්.

ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය ඖෂධ වර්ග 200 කට වඩා නිෂ්පාදනය කරමින් සහ දේශීය වෙළෙදපොලින් සියයට 25 ක් ආවරණය කරන බවත් එය විශාල ජයග්‍රහණයක් බවත්, වසරින් වසර ඉදිරියට යමින් ඖෂධ ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

මහාචාර්ය සේනක බිබිලේ මහතා ඖෂධ නිෂ්පාදනය, නියාමනය කෙරෙහි මහත් දායකත්වයක් ලබාදුන් බවත්, දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ විශ්වාසය තහවුරු කිරිම සහ දිරිමත් කිරිම සදහා දේශීය නිෂ්පාදකයින්ගෙන් එම නිෂ්පාදන නැවත රජයටම මිලදි ගැනීමේ ක්‍රමවේදය තව තවත් ව්‍යාප්ත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *