Sat. Jun 28th, 2025

අධික වැසි හේතුවෙන් මුම්බායි නගරයට රතු නිවේදනයක්

Jul26,2024

අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ මුම්බායි අගනුවර රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

අද උදෑසන සිට මුම්බායි නගරයට අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සමගම නගර වැසියන්ට අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරව නොයෙන ලෙස බලධාරීන් උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ දිනයේ දී අධික වර්ෂාපතනය හේතුවෙන් මුම්බායි ගුවන්තොටුපළේ කටයුතුවලට බාධා එල්ල වු අතර ගුවන් ගමන් 11ක් පමණ අත්හිටුවීමට සිදුවුණා.

කෙසේ වුවද පාසල් වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් නිවේදනයක් නිකුත් කර නැහැ.

එබැවින් පාසල්වල පාලන අධිකාරිය සමග සබදතා තබා ගන්නා ලෙසයි දෙමාපියන්ට දැනුම් දී ඇත්තේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *