ගේමි සුළි කුණාටුව චීනයට ඇතුලු වී තිබෙනවා.
ගිණිකොන දිග චීනයේ ෆූජීයැන් ප්‍රාන්තයේ එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
සුළි කුණාටුව චීනයට ඇතුලු වීමත් සමඟ ගිණිකොන දිග චීනයේ වෙරළබඩ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
එම ප්‍රදේශයන්ට ආපදා අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම ජනාධිපති ෂි ජින් පින්ග් ගේ ප්‍රධානත්වයෙන් කම්කරු පක්ෂ ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙන් යුතුව විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.
එහිදී ගංවතුර පාලනය හා ආපදා සහන සැපයීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි චීන මාධ්‍ය සඳහන් කරන්නේ.
ගේමි සුළි කුණාටුව චීනයට ඇතුලු වීමට පෙර තායිවානයට හා පිලිපිනයට දැඩි බලපෑම් එල්ල කළා.
සුළි කුණාටුව හේතුවෙන් දෙරටේ පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඉන්ධන ප්‍රවාහන නෞකාවක් හා භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සුළි කුණාටුව හේතුවෙන් මුහුදේ ගිලීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.