Sat. Jun 28th, 2025

2024 ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ

Jul26,2024

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිල වශයෙන් අද සිට ආරම්භ වනවා.

අගෝස්තු 11 වනදා තෙක් ප්‍රංශයේ පැරිස් ආශ්‍රිත නගර 16ක් කේන්ද්‍රකර ගනිමින් එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500කට ආසන්න පිරිසක් සහභාගී වන තරගාවලියේ සමාරම්භක උළෙල අද පැවැත්වෙනවා.

එහි එක් අංගයක් ලෙස බෝට්ටු 94ක් යාත්‍රා කිරිමටත් සුදානම් කර ඇති බවයි සංවිධායකයන් පෙන්වා දුන්නේ. රාජ්‍ය නායකයන් ඇතුලු පිරිසක් ද ඊට සහභාගී වනවා.

33 වන වරට පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ සමාරම්භක සහ සමාප්ති අවස්ථාවල දී සාම්ප්‍රධායික නර්තනාංග කිහිපයක්ම එක් කිරීමටයි ප්‍රංශ ක්‍රීඩා බලධාරීන් සැලසුම් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඔලිම්පික් උළෙලට සහභාගී වනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *