Sat. Jun 28th, 2025

අතුරු තහනම් තිබුණාට පොලිස්පති දේශබන්දුමයි – අගමැති පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි

Jul26,2024 #breaking news

පොලිස්පතිවරයාගේ ධූරය අත්හිටුවීමට අධිකරණයට කිසිදු බලයක් නැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
එ් අනුව තවදුරටත් පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා පමණක් බවද ඔහු කියා සිටියා.
නව පොලිස්පතිවරයෙක් වැඩ බැලීමට සඳහා පත් කරන්නයි ජනාධිපතිවරයාට නියෝග කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නැති බව පවසන අගමැතිවරයා පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති පසුබිමක නව පොලිස්පතිවරයෙක් වැඩ බැලීමට පත්කිරීමටද ජනාධිපතිට හැකියාවක් නැති බව පෙන්වා දුන්නා.
අද (26) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මෙම මෙම අදහස් පළ කළා.
පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා මැදිහත්වීමට හෝ නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නැති බවත් එනිසා පොලිස්පතිවරයාගේ පත්කිරීම සම්බන්ධයෙන් අධිකරණය විසින් නිකුත් කරන වාරණ නියෝගය වලංගු නොවන බවද හෙතෙම තව දුරටත් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *