Sat. Jun 28th, 2025

“දිනන සජිත් නෙවෙයි දුවන සජිත්” රට බාරගන්න කියද්දි සජිත් දුවපු හැටි මනූෂ කියයි

Jul26,2024

“දිනන සජිත්” යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එය තමා දුටුවේ “දුවන සජිත්” ලෙස බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාව නිවසින් එළියට ගැනීමට අසීරු වූ බව පවසන අමාත්‍යවරයා ඡන්දය පරාජය වී යාලට ගිය බවත් යාල කැලයෙන් ඔහුව එළියට ගැනීමටද අසීරු වූ බව පෙන්වා දුන්නා.

දරුවන් විජලනය සෑදී මියයන අවස්ථාවේදී තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල ජනතාව මිය යන අවස්ථාවේ තමන් පක්ෂය තුළ සිටියදී රට බාරගන්නැයි පැවසූ විට සජිත් ප්‍රේමදාස මහතා,

“අපෝ මේ මරාලේ මට බාරගන්න බෑ. අවුරුදු 2ක් රට කරලා අවුරුදු 5ක් ජනාධිපතිවන එක නැතිකරගන්න බෑ” යනුවෙන් ප්‍රකාශ කළ බවයි පවසා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *