Mon. Jun 30th, 2025

අනුරට හරීන්ගෙන් පිළිතුරු

Jul25,2024

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාරගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය හෙළි කරන ලෙස සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා.

අද දින අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබෙනවා.

එම ලිපිය සමඟ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සියලු විදෙස් ගමන්වල තොරතුරු ද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පදනම් විරහිතව, අවඥා සහගතව සිදුකරන ලද චෝදනා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දක්වා තිබෙනවා. එමෙන්ම එම සිදුකරන ලද ප්‍රකාශය අනුර කුමාර දිසානායක මහතා විසින් ම නිවැරදි කළ යුතු බව එම ලිපියේ තරයේ අවධාරණය කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය තබා, සංචාරකයෙකුවත් සොයාගත නොහැකි වකවානුවක් තුළ සංචාරක අමාත්‍යංශය බාර ගැනීම සහ අද ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැඟී ඇති ආකාරය කොතෙක් ද යන්න කුහක වත ඉවත දමා බලන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි බව මෙම ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා. එමෙන් ම සංචාරක කර්මාන්තයේ ඉතිහාසගත් වාර්තාවක් තැබීමට මෙම දෙවසර තුළ හැකි වූ බවත්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට මෙන් ම ලොව වේගයෙන් ම දියුණුවන සංචාරක කර්මාන්තය ඇති රටක් ලෙස කීර්තියට පත්වීමට ද මෙම දෙවසර තුළ හැකි වූ බව මෙම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

තව ද ක්‍රීඩා අමාත්‍යංශය භාරගැනීම සිදු වූයේ මෙරටට එරෙහිව ක්‍රිකට් තහනමක් පැවති අවස්ථාවක වන අතර එම තහනම ඉවත් කරගැනීම සඳහා විදෙස් සංචාවල යෙදීමට සිදුවූ බව මෙහි පෙන්වා දී තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *