පිලිපීනයට ඇද හැලෙන අධික වර්ෂාව තද සුළං , ගංවතුර සහ නායයාම් හේතුවෙන් මේ වන විට 15 දෙනෙකු මිය ගොස් ලක්ෂ 6කට වැඩි පිරිසක් අවතැන්ව සිටිනවා.
පිලිපීනයේ ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 300 ඉක්මවූ වර්ෂාපතනයක් ඇද හැලෙන බවයි වාර්තා වන්නේ.
ඒ සමග එරට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර දහස් ගණන් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.
අඩි ගණනක් උසට පිරිනු ජලය හරහා ජනතාව ගමන් කරන ආකාරය මෙන්ම ප්‍රධාන මාර්ග ගංගා මෙන් යටවී විදුලි රැහැන් කඩා වැටී දරුණු ආපදා තත්ත්වයක් එරට තුළ හටගෙන ඇති බව ද එම වාර්තා පවසනවා.
ඇතමුන් වහල මතට වී සහන කණ්ඩායම් එන තෙක් රැඳි සිටින ආකාරය ද දැකගත හැකියි.
ගතවූ සති 03 තුළ සංචාරකයින් 127,925ක් ඇවිත්
මේ මස ගතවූ සති 03 තුළ සංචාරකයින් 120,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව එම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 127,925කි.
ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 30,442ක් වෙයි.
ඊට අමතරව බ්‍රිතාන්‍ය, චීන, ජර්මනි, නෙදර්ලන්තය වැනි රටවලින් ද සංචාරකයින් දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 11 ලක්ෂ 38,174 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.