කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ගැසට් කරන ලද නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා..
2024-04-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් චයිනා හාබර් ඉංජිනියරින් කම්පණි (ලංකා) ලිමිටඩ්, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව එම සමාගම ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාරයක් ලෙස නම් කරමින් අංක 2383/34 45 2024-05-09 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වන වගන්තිය යටතේ නියමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එකී නියමය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස ආයෝජන ප්‍රර්වධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් ගරු කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.