Sat. Jun 28th, 2025

එජාපයට හා ‌පොහොට්ටුවට මෝදිගෙන් ආරාධනා

May3,2024

එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද මෝදි මහතා නායකත්වය දරන භාරතීය ජනතා පක්ෂයෙන් ආරාධනාවක් ලැබී තිබේ.

ඒ ඉන්දීය මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව දැනුවත් වෙමින් මැතිවරණ නිරීක්ෂකයන් ලෙස මැතිවරණ කටයුතු සඳහා දායකවීමටයි.

ඉන්දියාවේ මහ මැතිවරණය පසුගිය අපේ‍්‍රල් 19වනදා ආරම්භ වූ අතර එය ජුනි මස 01 වන දා තෙක් අදියර හතකින් පැවැත්වෙයි.

ඉන්දීය පාලක පක්ෂය විදෙස් දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ඉන්දීය මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීමට ගෙන ඇති තීරණයක් මත මෙම ආරාධනාව කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ ආකාරයෙන් රටවල් දහයක ප්‍රධාන දේශපාලන පක්ෂ දහ අටක නියෝජිතයින් සඳහා ආරාධනා කර ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *