රුපියල් ලක්ෂ 60කට අලෙවි කිරීමට සුදානම් වු ගජමුතු දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.
පුත්තලම පාලවිය මංසන්ධියේ දී ගජමුතු සමග සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ නිලධාරීන් කළ වැටලීමකදීයි.
නාවික හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව උපාය දූතින් දෙදෙනෙකු ද යොදා ගනිමින් සැකකරු ගජමුතු සමග අත්අඩංගුවට ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීන්ට හැකිවුණා.
අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි බුත්තල බඩල්කුඹුර ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමටයි කටයුතු කෙරුණේ.