Mon. Jun 30th, 2025

8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඇරඹේ

Jul24,2024

දින හයක් පුරා පැවැත්වෙන 8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ඊයේ(23) ආරම්භ වුණා.

ඒ චීනයේ Yunnan පළාතේ Kunming නගරයේ දීරටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 82ක් ඊට එක්ව සිටිනවා.

මෙවර ප්‍රදර්ශනයට එක්වන සමාගම් සංඛ්‍යාව 2000කට අධික බවයි වාර්තා වන්නේ.

ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ සියලුම රටවල් ආවරණය වන පරිදි පැමිණි විදේශීය සමාගම් වීම ද විශේෂත්වයක්.

හරිත බලශක්ති සම්පත්, නවීකරණ කෘෂිකර්මාන්තය, වෛද්‍ය සේවා හා සෞඛ්‍ය ආරක්ෂාව, සංස්කෘතිය හා සංචාරය යනාදී කර්මාන්ත සම්බන්ධ ප්‍රදර්ශන එහිදී දැකගත හැකි වනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ව්‍යාපාරිකයන් රැසක් මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *