Sun. Jun 29th, 2025

මුහුදේ දී රෝගී වූ ධීවරයෙක් ගොඩබිමට රැගෙන එයි

Jul24,2024

මුහුදේ දී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදාව පියවර ගත්තා.

දකුණු මුහුදේ බහුදින ධීවර යාත්‍රාවක සිටි මෙම ධීවරයා ගොඩබිමට රැගෙනවිත් කරාපිටිය රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඒ විදේශ නෞකාවකගේ ද සහායෙනුයි.

බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයා එම නෞකාව වෙත ලබාගෙන මූලික ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරුණා.

අනතුරුව වේග ප්‍රහාර යාත්‍රාවක් යොදවා ධීවරයා කඩිනමින් ගොඩබිමට ගෙන ඒමටයි නාවික හමුදාව කටයුතු කර තිබුණේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *