තද සුළං හේතුවෙන් යළි දැනුම් දෙන තෙක් අරාබි හා බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.
නිරිත දිග මෝසම සක්‍රීය වී ඇති බැවින් අරාබි සහ බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ ගොස් තිබෙනවා.
එම මුහුදු තීරවල සුළගේ වේගය පැයට කිලෝ මීටර 70ත් / 80ත් අතර අගයක් ගන්නා බවයි කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසන්නේ.
මේ කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.