Sun. Jun 29th, 2025

ක්ලබ් වසන්ත ඝාතනයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

Jul24,2024

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය සිදුකළ විමර්ෂණවලින් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුගිය 8 වනදා අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයකදී ටී 56 ගිණිඅවි වලින් වෙඩි තබා ක්ලබ් වසන්ත ඇතුලු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකර තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ෂණවලදී මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඝාතනය සිදුකළ වෙඩික්කරුවන් හා ඔවුන් පැමිණි මෝටර් රථයේ රියදුරු කොරතොට සිට වැලිහිද දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ සැගවීම සිදුකර තිබෙනවා.

අනෙක් සැකකරු වෙඩික්කරුවන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයේ සැඟවු පුද්ගලයා බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් වැලිපැන්න හා අහුංගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණ ක්‍රියාත්මකයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *