Sat. Jun 28th, 2025

කුලියාපිටියේ අතුරුදන් වූ තරුණයා… සැකකරුගේ පියා අත්අඩංගුවට

May3,2024

කුලියාපිටිය කබලෑව 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන් වීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ පියා බැව් කියන අයකු කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුව මේ මස 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඊයේ (02දා) නියෝග කළේය.

එලෙසින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ කබලෑව 31 හැවිරිදි සුසිත ජයවංශ අතුරුදන් වීම සම්බන්ධව සිද්ධියේ ප්‍රධාන සැකකරු බැව් කියන සිඟිති නමැත්තාගේ පියා වන වර්ණකුලසූරියගේ ඇන්ටන් ප්‍රනාන්දු නමැත්තෙකි.

පෙරේදා (01) මේ සම්බන්ධවම සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ ප්‍රධාන සැකකරුගේ මව වූ හිල්ඩා ප්‍රනාන්දු සහ ඒ හා සම්බන්ධ තවත් සැකකරුවකු වූ ජයසිංහ දොන් චන්ද්‍රසේකර නමැත්තන් ද 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

මේ පිළිබඳ පුළුල්ව පරීක්ෂණ සිදුකරමින් පවතින බව ද පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කීය.

කුලියාපිටිය පොලිස් නඩු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ රත්නායක, සැරයන් කොස්වත්ත (33892) යන මහත්වරුන් සැකකරුවන් ඉදිරිපත් කරමින් පැමිණිල්ල වෙනුවෙන් කරුණු කීහ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *