තම රටේ ප්‍රචණ්ඩත්වය ඇතිවීම පසුපස විපක්ෂ දේශපාලන කණ්ඩායම් සිටින බවට බංග්ලාදේශ අගමැති ෂීක් හසීනා චෝදනා කරනවා.
බංග්ලාදේශයේ ඇති වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් තම දේශපාලන විරුද්ධවාදීන්ට අගමැතිවරිය දොස් පවරා තිබෙනවා.
ඇය වැඩිදුරටත් පවසන්නේ මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා බලහත්කාරයෙන් තමාට ඇඳිරි නීතිය ද පැනවීමට සිදු වූ බවයි .
බංග්ලාදේශය පුරා සති ගණනක් විරෝධතා පැවැත්වුණේ 1971 බංග්ලාදේශයේ නිදහස් ව්‍යාපාරය වෙනුවෙන් සටන් කළ අයගේ පවුල් වල සාමාජිකයන් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන් කළ කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා සිටිමින්.
පසුව එය රාජ්‍ය විරෝධී කැරැල්ලක් බවටත් පත්වුණා.
මේ හේතුවෙන් බංග්ලාදේශ පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක්වුණා.
විරෝධතාකරුවන් හා පොලිසිය අතර ඇති වූ ගැටුම්වලින් 150කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ෂීක් හසීනාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවැත්වෙන රැලි දක්වා එය උත්සන්න වුණා.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය හා ජමාත්-ඊ-ඉස්ලාමි මෙන්ම ඔවුන්ගේ ශිෂ්‍ය සංවිධාන වලට ද චෝදනා එල්ල වනවා.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දී බංග්ලාදේශ රජයට සහාය පළ කරමින් විරෝධතාවල නිරතවු බංග්ලාදේශ ජාතිකයින් 57 දෙනෙකුට සිරදඩුවම් නියම කර තිබෙනවා.
ඔවුන් අතරින් තිදෙනෙකුට ජිවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එක් පුද්ගලයෙකුට වසර 11ක් සහ අනෙක් 53 දෙනාට වසර 10 බැගිනුයි සිරදඩුවම් නියම කර ඇත්තේ.
මීට වසර 2කට පෙර අපේ රටෙත් මෙවැනිම විරෝධතා පැවැත්වුනා.
ඒ එවක ජනාධිපති ගෝටාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින්.
රටේ ප්‍රධාන මර්මස්ථාන ගණනාවකම බලය අරගලකරුවන් අතට පත්ව තිබුණා.
හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ බලය අතහැරීමෙන් පසු වැඩබලන ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ මහතා පත්වුණා.
රටේ බිඳවැටෙමින් තිබූ පරිපාලනය යළි ස්ථාපනය කරන්නට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සමත් වුණා.
නීතියේ ආධිපත්‍යය සුරකිමින් අරගල සමනය කරමින් ජන ජිවිත සුරක්ෂිත කිරීමට හැකි වුණා.
නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ වුවන්ට සිර දඬුවම් ද නියම කෙරුණා.
රටේ ආර්ථිකයද ක්‍රමයෙන් යථා තත්වයට පත් කරන්නට මෙම ක්‍රියාදාමයත් සමග හැකිවුණා.
මේ සියල්ල නොවන්නට බංග්ලාදේශයේ හානි වූ ජිවිත සංඛ්‍යාව මෙන් නොව ඊටත් වඩා විපතක් අපේ රටේ සිදු වන්නට තිබුනා.
එවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවන්නට හේතු වූ ගතවූ වසර 2ක කාලය රටට පමණක් නොව ලෝකයටද ආදර්ශ සැපයූ කාලයක් .