ක්‍රොඒෂියාවේ සාත්තු නිවාසයක සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ක්‍රොඒෂියාවේ සාත්තු නිවාසයකට අතුලු වූ තුවක්කුකරු එහි සිටි පිරිසට වෙඩි තබා ඇති අතර එම නිවාසයේ රැකවරණය ලබා සිටි පුද්ගලයින් 5 දෙනෙකු හා සේවකයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
එමෙන්ම තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අතරින් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන්. වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර පසුව ඔහුව අත්අඩංගුවට ගැනුණා
වෙඩි තැබිම සදහා භාවිත කළ ගිණිඅවිය ලියාපදිංචි නොකළ ගිණිඅවියක් බවයි පොලිසිය සදහන් කරන්නේ.