Sat. Jun 28th, 2025

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය වර්ජනය අවසන්

Jul23,2024

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් උදෑසන ආරම්භ කළ වැඩවර්ජනය අවසන් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම හදිසි වැඩවර්ජනය පිළිබද නොදැන ප්‍රතිකාර ලබා ගැනීට පැමිණි තමන් දැඩි අපහසුතාවට පත්වූ බවට රෝගීන් චෝදනා කළා.

ජාතික අක්ෂි රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් වැඩවර්ජනය ආරම්භ කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුභදාස මහතා පවසන්නේ.

කෙසේ වෙතත් නව වැඩ බලන අධ්‍යක්ෂවරයෙකු පත් කරන බවට සෞඛ්‍ය බලධාරීන් දුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටුවු බව ඒ මහතා සදහන් කළා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *