අයවැයෙන් මුදල් වෙන් කළේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (22) ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායමට සහතික වී තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (22දා) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර තිබෙනවා.
එහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්රී ලංකා පොදුජන පෙරමුණට ස්තූතිවන්ත වන බවයි.
තමන් ජනාධිපතිවරණය කල්දැමීමට සූදානම් වන බවට විපක්ෂ මත පළ කළද තමා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බවයි හෙතෙම සදහන් කර ඇත්තේ.
මේ පිළිබඳව මහින්ද අමරවීර මහතා සිදුකළ ප්රකාශ පහතින්,