Mon. Jun 30th, 2025

බටහිර ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට වාර්තාගත උණුසුම් තත්ත්වයක්

Jul23,2024

බටහිර ඇමෙරිකාවේ ප්‍රදේශ රැසකට වාර්තාගත උණුසුම් තත්ත්වයක් පිලිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මෙම සතියේ මැද භාගය වන විට දකුණු කැලිෆෝනියාවේ සිට උතුරු ඉඩාහෝ දක්වා නගරවල අධික උෂ්ණත්වයක් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා.

මිලියන 30 ක පමණ ජනතාවකට මෙය බලපෑම් එල්ල කරනු ඇති. බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඇමරිකා ජාතික කාලගුණ සේවය ප්‍රකාශ කළේ කැලිෆෝනියා, ඇරිසෝනා, නෙවාඩා, ඉඩාහෝ, ඔරිගන් හා වොෂින්ටන් යන ප්‍රාන්තවලට මෙහි වැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි.

මේ අතර මධ්‍යම ඔරිගන් හා වොෂින්ටනයේ සමහර ප්‍රදේශ ද උණුසුම් හා වියලි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ලැව්ගිනි තර්ජනයට මුහුණපා සිටිනවා.

ඔරිගන්හි උතුරු ප්‍රදේශයේ අක්කර 116,000ක් පමණ ලැව්ගිනි වලින් දැවී ගොස් තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *