Sun. Jun 29th, 2025

ඥාණසාර හිමි ට ඇප

Jul22,2024

ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර 4ක සිර දඩුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසිනුයි මෙම නියෝගය ලබාදුන්නේ.

සිර දඩුවම් නියම වීමෙන් අනතුරුව ඥානසාර හිමියන් විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළා.

එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබුණා.

එම මහාධිකරණ නියෝගයට අනුව ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගිදා නියෝග කළා.

එම අභියාචනාධිකරණ නියෝගය පරිදී උන්වහන්සේව අද දිනයේදී කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයා විසින් ඇප මත මුදා හැරීමට ද කටයුතු කළා.

2016 වසරේ කුරගල විහාරස්ථානය පිළිබදව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළකරන ලද අදහස් වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුකොට ආගමික සංහිදියාවට බාධා කළේ යැයි එල්ලකරන ලද චෝදනා දෙකකට වරදකරු කරමිනුයි ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය පසුගිය මාර්තු 30 වනදා බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *