Tue. Jun 24th, 2025

මිද්දෙණිය ප්‍රාදේශිය සභා අපේක්ෂකයාට වෙඩි ප්‍රහාරයක්

Jul22,2024

මිද්දෙණිය පොලිස් වසමේ ගල්පොත්තයාය – ජුලම්පිටිය මාර්ගයේදී ඊයේ (21) රාත්‍රී 10ට පමණ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

එහි ඉලක්කය වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශිය සභා අපේක්ෂකයෙක්.

ඔහු සිය වෙළෙඳසැල වසා බිරිඳ සමග යතුරුපැදියෙන් නිවාස බලා ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

එහිදී 42 හැවිරිදි පිරිමි පුද්ගලයාට වෙඩි වැදී ඇති අතර ඔහුගේ බිරිඳ ට තුවාල සිදුවී ඇත්තේ යතුරුපැදිය පෙරළීම හේතුවෙන්.

දෙදෙනාම ප්‍රතිකාර සඳහා මිද්දෙණිය රෝහලට ඇතුළුකර තිබෙනවා.

පසුව බිරිඳ ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරුකරය්.

වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් යොදාගෙන ඇති අතර පොලීසිය පැවසුවේ වෙඩික්කරු එය එම ස්ථානයේ දමා පළාගොස් ඇති බවය්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *