Sun. Jun 29th, 2025

බෑනාගේ පොලු පහරින් මාමණ්ඩි මියගොස්

Jul22,2024

සයින්දමරුදු ප්‍රදේශයේ දී යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 66 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයාගේ දියණිය ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් වසර 08 කට පෙර වෙන් වී තිබු අතර ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතී.

එලෙස නඩුවක් විභාග වෙමින් පැවතිය ද ඇයගේ සැමියා ඊයේ 21 අළුයම කාලයේ අනවසරයෙන් නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුළුවීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී දියණියගේ පියා විසින් මෙම පුද්ගලයාව නිවසින් එළියට තල්ලු කර මාර්ගය දෙසට ගමන් කර තිබෙනවා.

එහිදී එකවරම මෙම පුද්ගලයා විසින් දියණියගේ පියාට යකඩ පොල්ලකින් පහර දී තිබෙනවා.

බරපතළ තුවාල ලැබූ පියා රෝහල් ගත කිරීමේ දී මියගොස් තිබෙනවා.

ඝාතනය සිදුකළ දියණියගේ ස්වාමිපුරුෂයා සහ අනුබල දුන් තවත් පුද්ගලයන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 33, 20, 19, 18, 16, යන වයස්වල පසුවන සයින්දමරුදු ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් වෙනවා.

සයින්දමරුදු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *