Sun. Jun 29th, 2025

හිරුණිකාට ඇප

Jul22,2024

වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුමක් නියම කරන ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීකී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් අද ඇප නියම කර තිබෙනවා.


කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප නියම කරනු ලැබුවේ හිටපු මන්ත්‍රීවරයා විසින් ගොනු කර තිබූ ඇප ඉල්ලීම අද සළකා බැලීමෙන් අනතුරුවය.
කෙසේ වුවද ඇය ඇපමත මුදාහරණ ලද්දේ විදේශ ගත වීම තහනම් කරමින් නියෝගයක් ද පනවමින්.
දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන ගොස් වද හිංසා පැමිණවීම හා ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා දහ අටකට ඇය වරදකාරිය කරමින් පසුගිය ජූනි මස 28 වැනිදා තුන් අවුරුදු හිර දඬුවම නියම කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *