ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය ඉතා උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැනට ආණ්ඩුව පවත්වාගෙන යනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120කට ආසන්න ප්‍රමාණයන් අති බහුතරයක් ජනාධිපතිවරයාට සහාය පල කිරීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.
ඔවුන් ආසන්න වශයෙන් මන්ත්‍රීවරුන් අනූවක් පමණවන බවයි වාර්තාවන්නේ.
ඉතිරි මන්ත්‍රීවරුන්ගෙන්ද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම සමග සිටිනු ඇති අතර ඔවුන් ඉන් අඩකටත් අඩු පිරිසකි.
මෙම තත්ත්වයන්ට ප‍්‍රධානතම හේතුවක් වී ඇත්තේ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ට නායකත්වයක් ලෙස පෙන්විය හැකි පුද්ගලයකු නොමැති වීමයි.
මහින්ද රාජපක්ෂ මහතා දැනට ශාරීරික වශයෙන් යම් අපහසුතාවයන්ගෙන් පෙළීම හා පොදු ජන පෙරමුණට මෙතෙක් රට පිළිගන්නා ජනාධිපති අපේක්ෂකයෙක් නම් කර ගැනීමට නොහැකි වීමද ඊට දැඩිව බලපා තිබෙනවා.
දැනටද වාර්තා වන අන්දමට පොදු ජන පෙරමුණ මූලස්ථානයේ මාධ්‍ය සාකච්ඡා සඳහාද සහභාගි වන මන්ත්‍රී පිරිස ඉතා සීමිත වී තිබෙනවා.
දින දෙක තුනකට වරක් එහි පවත්වන මාධ්‍ය හමු සඳහා සහභාගිවීමෙන් සිටින්නේ කිහිප දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමක් පමණි.
නමුත් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පවත්වන මාධ්‍ය හමු සඳහා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් රැසක් සහභාගි වෙමින් සිටී.
එමෙන්ම විජේරාමයේ ජනාධිපතිට නිල නිවසේ මහින්ද රාජපක්ෂ මහතා හමුව කතාබහ කිරීමටද පැමිණෙන පොදුජන පෙරමුණේ මැති ඇමැති ප්‍රමාණය දැඩි දෙස සීමා වී ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා හෝ පොහොට්ටුවේ වෙනත් නායකයින්ටත් අද වන විට එම තත්ත්වයට පත්ව ඇතැයිද සමීප තොරතුරු වාර්තා කරයි.