වතු කම්කරුවන්ගේ වැටුප් ඉහල දැමීමට රජය නියෝග කලද මේ මොහොතේ එය සිදු කිරීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසනවා
එසේම තේ වතු හිමියන් පෙන්වා දෙන්නේ රජය මෙම තීරණය ගෙන ඇත්තේ තමන් සමග කිසිම සාකච්චාවකින් තොරව බවයි
මෙහිදී වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහල දැමීමට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා
මේ සම්බන්දයෙන් වන සාකච්චාවක් අද (2) කොළඹදී වතු හාම්පුතුන්ගේ සංගමය විසින් කැදවා ඇති බව වැඩිදුරටත් සදහන් වනවා