මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය සදහා පැවතියාට වඩා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
මේ අතර කංජිපානි ඉම්රාන් සහ ගණේමුල්ල සංජීව යන අපරාධකරුවන්ට රටින් පැන යාමට සහාය වූයේ කුඩු සල්ලිවලින් යැපෙන ඔවුන්ගේ නීතිඥයින් බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කළා.
එමෙන්ම අතුරුගිරිය වෙඩි තැබීමේ සැකකරුවන්ගේ පාපොච්චාරණය මාධ්‍ය වෙත ලබා දුන් පොලිස් නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියමාර්ග නොගන්නා බව ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.