බෙලිඅත්තේ පංචපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරිමේ සිද්ධියට ආදළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැදවුවා.
එහිදී සිද්ධියේ දෙවන සැකකරු ශාන් ගනේගොඩ නොහොත් ගනේගොඩ විතානගේ චාමර තරිදු මධුෂංක යන අය ලබන 30 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඔහු සතුව තිබි සොයා ගත් රුපියල් හාරලක්ෂ අසූඑක්දහස් පන්සියක මුදල පිළිබද සම්පුර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා සිටි පියත් නිකේශල යන සැකකරු ද අධිකරණය ඉදිරියේ පෙනි සිටියා.