Sat. Jun 28th, 2025

දෙවැනි අදියරේ අස්වැසුම අයදුම්පත් සළකා බැලීම ඇරඹේ

Jul18,2024

අස්වැසුම දෙවැනි අදියරයේ අයදුම් පත්‍ර හාර ලක්ෂ 75000 ක් ලැබී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා සඳහන් කරනවා.

අයදුම් පත්‍ර භාරගැනීමේ කාලය, පසුගිය 13 වෙනිදායින් අවසන් වුණා.

අස්වැසුම පළමු අදියර තුළ සංගණනය කළ සමස්ත අයදුම් පත් සංඛ්‍යාව, ලක්ෂ 34 ක්.

ඉන් අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා ලක්ෂ 18 ක් සුදුසුකම් ලබා ගත්තා.

ඉතිරි පුද්ගලයින් ලක්ෂ 16 , සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *