තායිලන්තයේ සුපිරි හෝටලයක තිබී පුද්ගලයන් 6 දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.
මධ්‍යම බැංකොක් හි සුඛෝපභෝගී හෝටල් කාමරයක තිබියදීයි මෙම මළ සිරුරු හමුවී ඇත්තේ.
මිය ගිය දෙදෙනෙකු වියට්නාම / ඇමෙරිකා ජාතිකයන් වන අතර අනෙක් 4 දෙනා වියට්නාම ජාතිකයන් වනවා.
කිසිදු සිරුරක ශාරීරික හිංසන පෙනෙන්නට නැති බව පොලිසිය පවසනවා.
එහෙත් සුදු කුඩුවල සලකුණු සහිත කෝප්ප හමුවී තිබෙනවා.
මෙම කුඩු සයනයිඩ් බවට විශ්වාස කෙරෙනවා.
සයනයිඩ් මිශ්‍ර බීම ඔවුන්ට ශරීර ගත වී ඇති බව හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මිය ගිය එක් අයෙකු දොර ළග වැටී සිටි අතර ඔහු කාමරයෙන් පිටවීමට උත්සහ දරා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.