සිය මන්ත්‍රී ධුරය සම්න්ධයෙන් සමගි ජනබලවේගය ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කර තිබූ පෙත්සම ඉල්ලා අස්කර ගෙන තිබෙනවා.
මන්ත්‍රී ධුරය අහිමිකිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
එය අද කැඳවූ අවස්ථාවේ ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන සඳහන් කළේ පෙත්දම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඒ අනුව එය ඉල්ලා අස් කර ගැනීමට අවසර දෙන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුවයි අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නේ.