මැල්සිරිපුර, පන්ලියද්ද ප්රදේශයේ දී බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
කොළඹ සිට ත්රිකුණාමලය බලා ධාවනය වු බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මියගොස් ඇත්තේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයේ රියදුරු බව පොලීසිය සදහන් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.