Sun. Jun 29th, 2025

චීන ආර්ථික වර්ධන පුරෝකථනය 5% ක් දක්වා ඉහළට

Jul17,2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2024 වසරේ චීන ආර්ථික වර්ධන පුරෝකථනය 5% ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

එම සංවිධානය සිය නවතම ‘ලෝක ආර්ථික දැක්ම’පිළිබඳ වාර්තාව නිකුත් කරමින් ඊයේ (16) මේ බව පැවසුවා.

මේ වසරේ චීන ආර්ථික වර්ධන අනුපාතය 5% ක් වනු ඇති අතර, එය පසුගිය අප්‍රේල් මාසයේ කළ පුරෝකථනයට සාපේක්ෂව 0.4% ක වර්ධනයක් බව එම වාර්තාව පෙන්වා දී තිබෙනවා

එසේම, ගෝලීය ආර්ථිකය 2024 වසරේ දී 3.2% ක් සහ 2025 වසරේ දී 3.3% ක් දක්වා වර්ධනය වනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා

නැගී එන වෙළඳ ඒකක සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික ඒකකයන්හි ආර්ථික වර්ධන අනුපාතය මේ වසරේ දී 4.3% ක් දක්වා ඉහළ යනු ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

එහෙත්, ජපානය හා ඇමරිකාව යන රටවල ආර්ථික වර්ධන පුරෝකථනය පහත වැටෙනු ඇති බව ද එමගින් සඳහන් කරනවා.

මෙම වසරේ ගෝලීය සාමාන්‍ය උද්ධමන අනුපාතය 5.9% ක් වනු ඇති අතර, 2025 වසරේ දී එය 4.4% ක් දක්වා පහත වැටෙනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *