Sun. Jun 29th, 2025

රජයේ රැකියා කෝටාවට විරෝධය පලකරන බංග්ලාදේශ සිසුන්

Jul16,2024

බංග්ලාදේශ රජයේ රැකියා කෝටාවට විරෝධය පළ කරමින් එරට සිසුන් උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා.

උද්ඝෝෂණ අතරතුරදී විරෝධතාකරුවන් හා රජයට පක්ෂපාත කණ්ඩායම් අතර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් සිය දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ රැකියා කෝටාව හරහා රජයට හිතවත් කණ්ඩායම්වල දරුවන්ට ප්‍රතිලාභ අත්වන බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා.

මෙම කෝටා ක්‍රමය හරහා රජයේ රැකියා ලක්ෂ ගණනක් / 1971 වසරේ පාකිස්තානයට එරෙහිව පැවති නිදහස් යුද්ධයේ දී යුද වැදුණු සෙබළුන්ගේ දරුවන් ඇතුලු විශේෂ කණ්ඩායම් සඳහා වෙන්කර ඇති බව ද විරෝධතාකරුවන් පවසනවා.

පසුගිය සතියේ දී කෝටාව තාවකාලිකව අත්හිටු වුව ද එය සම්පුර්ණයෙන්ම ඉවත් කරන තෙක් තම සටන් ක්‍රියාත්මක කරන බවටයි විරෝධතාකරුවන් අනතුරු අඟවන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *