විදුලි ගාස්තු පහළ දැමීම හමුවේ ආහාර වර්ගවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව බත්, ෆ්රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවයි එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා සඳහන් කළේ.
එසේම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා