ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
බෙංගාලබොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවලට යාත්‍රා කිරීමෙන් වැළකිය යුතු අතර එම ප්‍රදේශවල සිටින ධීවර සහ නාවික ප්‍රජාව වහාම ආරක්ෂිත ස්ථානයකට පැමිණිය යුතු බවයි කාලගුණ අංශ අවධාරණය කරන්නේ.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරබි මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර නැගෙනහිර දේශාංශ 55 සහ 75 අතර මුහුදු ප්‍රදේශවල ) සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (උතුරු අක්ෂාංශ 12ත් 17ත් සහ නැගෙනහිර දේශාංශ 83 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල) ඉතා තද සුළං පැ.කි.මී. පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.