යුනෙස්කෝ අධ්යක්ෂ ජනරාල් අවුඩ්‍රේ ඔසුලේ ( Audrey Azoulay ) මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද (16) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
ඇය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ සිටින නැවයි සඳහන් වන්නේ
ඔවුන් අද (16) දින අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.