Sun. Jun 29th, 2025

නිදහස් අධ්‍යාපනය නිසා සැම්බියාවේ අද තත්ත්වය

Jul15,2024

සැම්බියාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වීමත් සමග සිසුන් සංඛ්‍යාව කළමනාකරණය කර ගැනීමේ අභියෝගයකට එරට අධ්‍යාපන ක්ෂේත්‍රය පත්ව තිබෙනවා.

සැම්බියාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වුණේ මීට වසර 3කට පෙරයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා එරට රජය ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙනවා.

කෙසේ වෙතත් එම ප්‍රමාණය අත්‍යවශ්‍ය සේවාවන් සදහා යොමු කර ඇති මුදල් ප්‍රමාණයට සාපේක්ෂව ඉතාමත් අඩු මුදලක් බවයි එරට රජය සදහන් කරන්නේ.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නව පාසල් 170කට අධික ප්‍රමාණයක් 2026 වසර වන විට ඉදිරකර අවසන් කිරීමටයි තීරණය කර ඇත්තේ. ගුරු හිගයකට ද නැම්බියාව මුහුණ දී සිටිනවා.

කෙසේ නමුත් නිදහස් අධ්‍යාපනයත් සමග වැඩිවන සිසුන් සංඛ්‍යාව කළමනාකරණය කර ගැනීමෙන් විශාල අර්බුදයකට එරට අධ්‍යාපන ක්ෂේත්‍රය පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *