කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන ආයතනයක් විසින් කැනඩාවේ මූල්‍ය ක්ෂේත්රයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට පුද්ගලයෙකු විසින් කාර්යාංශය වෙත සිදුකළ පැමිණිල්ලක් මත විමර්ශන සිදුකර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ එම ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය නීති විරෝධී විදේශ රැකියා නියෝජිත ආයතනයක් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.